ගිම්හානයේ මනස්කාන්ත වූ ගඟ අද්දර ආපනශාලා


Corona වසංගතයෙන් පසුව වසන්තය එලඹේ

.

COVID-19 හේතුවෙන් උත්සව සීමා කිරීමෙන් වසර තුනකට පසු පළමු වරට සාම්ප්‍රදායිකව ග්‍රීෂ්ම සෘතුවේ ආරම්භය සනිටුහන් කරන ගංගා අද්දර එළිමහන් ඇටවුම් මත පවත්වන භෝජන සංග්‍රහය, මැයි 1 වන දින පුරාණ ජපන් අගනුවර මධ්‍යම කොටසේ Kamo ගඟ දිගේ පිහිටි ආපනශාලාවල නැවත ආරම්භ කෙරිණි. 

 

මෙම වසරේ ගඟ අසල කුළුණු මත එළිමහන් Tatami පැදුරු වේදිකා පිහිටුවීමට අවන්හල් 85 ක් ඉල්ලුම් කර ඇති අතර ඒවායින් බොහොමයක් මැයි 1 වනදා සිට ක්‍රියාත්මක වීමට පටන් ගත් බව Kyoto Kamogawa Nouryou-Yuka ව්‍යාපාරික සංගමය පැවැසීය. 

 

සන්ධ්‍යාවේ ඉර බැස යන විට ආපනශාලාවල විදුලි පහන් ආලෝකය නිසාවෙන් ගඟේ මතුපිට මනස්කාන්ත ලෙස ආලෝකමත් වූ අතර බොහෝ සංචාරකයින් ගඟේ දර්ශනය පෙනෙන  වේදිකා මත කමින් බොමින් විනෝද වූ බව සඳහන් වේ. මෙම ගිම්හාන අවන්හල් සැප්තැම්බර් මස අවසානය දක්වා ගං ඉවුරේ භෝජන සේවා දිගටම පැවැත්විමට සැලසුම් කර තිබේ.

123 Views

Comments