කුඩා වයසේදීම ජංගම දුරකථන භාවිතයට හුරුවන ජපන් දරුවෝ


ජපානයේ දරුවන් ඉතා කුඩා වයසේම දුරකථන වලට හුරු වන බව හෙලිවේ

.

මෑතකදී Tokyo හි තොරතුරු තාක්ෂණ වෙළඳපල පර්යේෂණ ආයතනයක් වන Mobile Marketing Data Labo විසින් ජපානය තුළ සිදු කරන ලද සමීක්ෂණයකට අනුව දරුවන්හට ඔවුන්ගේ පළමු ස්මාර්ට් ජංගම දුරකථන ඉතා අඩු වයසකදි හිමිවන බව හෙළිවී තිබේ. 

 

දෙමාපියන්ගෙන් 51.6% ක් ප්‍රාථමික පාසලේදීම තම දරුවන්ට දුරකථතන ලබා දෙන බව මෙහිදී MMD Labo හි නිලධාරියෙකු අදහස් දක්‌වමින් පැවැසූ අතර ළමයින් Cram පාසලට හෝ වෙනත් ස්ථානයකට යන විට දෙමාපියන් වැඩි පිරිසක් ජංගම දුරකථනය සම්බන්ධතා මාධ්‍යයක් ලෙස භාවිතා කිරීම එයට හේතුව බව සඳහන් කළේය. 

 

නමුත් මෙලස ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කිරීම නිසා අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය වලින් දරුවන් අනතුරට ලක්වීම හෝ කරදරවලට පැටලීම සිදුවූ අවස්ථා උපුටා දක්‌වමින් "පවුල් අවදානම් ගැන සියලු වගකිවයුත්තන් එක්ව කතා කළ යුතු අතර නීති රීති ඉදිරිපත් කළ යුතුය" යනුවෙන් නිලධාරියා පැවසීය.

Comments