ඉන්දියානු දූපත් සඳහා වන ජපන් අධාරය


ඉන්දියානු රජයට ජපානයෙන් ආධාර

.

ජපාන රජය විසින් ඉන්දියාවේ අන්දමන් සහ නිකොබාර් දූපත් සඳහා ලබා දීමට නියමිත සැලසුම්ගත සංවර්ධන ආධාරය නැගී එන චීනය පාලනය කර ගැනීම අරමුණු කරගෙන ඇති බව ඇතැම් ආරක්ෂක විශේෂඥයින් පැවැසීය.  

 

ජපානය සහ ඉන්දියාව එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව සමඟ සම්බන්ධීකරණයෙන් නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කරමින් සිටින බැවින් මෙලෙස යෙන් බිලියන 4.02 ක ආධාර මුදලක් හිමිවන බව සදහන් වේ. 

 

නව දිල්ලිය සහ ටෝකියෝව අතර තර වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබිඹු කරමින් ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික වශයෙන් වැදගත් වන බෙංගාල බොක්කෙහි පිහිටි දූපත් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව විදේශ ආධාර පිළිගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය දැක්වේ. 

 

දකුණු ආසියානු රටේ භෞමික ආරවුල් කිහිපයකට සම්බන්ධ අසල්වැසි යෝධයෙකු වන චීනය වැලැක්වීමට අදහස් කරන්නේ නම් නාවික, ගුවන් සහ ගොඩබිම් හමුදා ඇති ඉන්දියාවේ එකම ප්‍රදේශය මෙම දූපත් වන බැවින් මෙලෙස ජපානය අධාර සැපයීම මගින් සිය අරමුණු ඉටු කර ගැනීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.

125 Views

Comments