ගිනි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයා


නිවසකට ගිනිතැබූ පුද්ගලයෙක් Gunma ප්‍රාන්තයෙන් අත්අඩංගුවට ගැනේ

.

73 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඔහුගේ නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් 38 හැවිරිදි පිලිපීන ජාතිකයෙකු Gunma ප්‍රාන්තයේ Midori හි පොලිසිය විසින් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ. 

 

පොලිසියට අනුව, මාර්තු 30 වැනි දින රාත්‍රියේදී, සැකකාර අර්ධකාලීන සේවකයා විසින් හුදෙකලාව ජීවත් වූ Akiyo Funato හට මොට ආයුධයකින් පහර දී මුදල් සොරකම් කර දෙමහල් ලෑලි නිවසට ගිනි තබා තිබේ.

 

ජපානයේ නීතිවිරෝධීව සිටීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගත් සැකකරු ඔහුට එරෙහිව පවතින චෝදනා පිළිගත් බව තවමත් පොලිසිය වාර්තා කර නොමැත .

106 Views

Comments