තම දරුවාගේ මුහුණ පාගා තුවාල කල සැකකාර පියා


තම දරුවාට අනවශ්‍ය ලෙස හිරිහැර කළ පියෙක් අත්අඩංගුවට ගැනේ

.

පසුගිය මාසය පුරාවටම තම නව හැවිරිදි පුතාගේ මුහුණට කිහිප වතාවක්ම තම නිවසේ දී  පහර දී තුවාල කළ 45 හැවිරිදි පුද්ගලයෙකු Kagawa ප්‍රාන්තයේ Sakaide හි පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 

 

ස්වයං රැකියාවක නියුතු Hirosei Inoue නම් වූ සැකකරු අප්‍රේල් 22 දින රාත්‍රී 10.00 ට පමණ තම පුතුගේ කොණ්ඩයෙන් අල්ලා බිමට ඇදගෙන ගොස් ඔහුගේ මුහුණට කිහිප වතාවක්ම පාගා ඇති බව පැවසේ. දරුවා දණින් වැටී සමාව අයැද සිටි නමුත් ඔහු ප්‍රහාර එල්ල කිරීම නවතා නොමැත. 

 

පිරිමි ළමයාගේ මව පිළිබඳව පොලිසිය කිසිදු තොරතුරක් හෙළි කර නොමැති අතර දරුවාගේ මුහුණට තුවාල සිදුවී ඇති බැවින් සුවය ලැබීමට සතියක පමණ කාලයක් ගතවන බවත් Inoue විසින් ඔහුට එරෙහිව ඇති චෝදනා පිළිගෙන ඇති නමුත් හැසිරීමට කිසිදු හේතුවක් ඉදිරිපත් නොකළ බවත් පොලිසිය පැවැසීය .

144 Views

Comments