වසර 14 ක් පුරාවට සොයා යන ඝාතනයේ සැකකරු


දැරියගේ ඝාතකයා තවමත් සොයා ගැනීමට නොහැකිව තිබේ

.

2008 වසරේ 15 හැවිරිදි දැරියක වූ Manami Shimizu ඝාතනය කළ පුද්ගලයා හෝ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට උපකාර වන ඕනෑම තොරතුරක් ලබා දෙන මෙන් Toyota නගරයේ පොලිසිය විසින් වාර්ෂිකව 14 වෙනි වරටත් සඳුදා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 

පොලීසිය Toyota සහ Chiryu දුම්රිය ස්ථානවල මෙන්ම තවත් ආසන්න ස්ථාන හයකට ඇයගේ ඝාතනයෙන් පසු සෑම වසරකම පත්‍රිකා ලබා දුන් නමුත් 2020 සහ 2021 දී Corona වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එය ලබා දීමට නොහැකි විය. මේ වසරේ මැයි 2 දින නිලධාරීන් නැවත වරක් වාර්ෂිකව දුම්රිය ස්ථානවලට පත්‍රිකා ලබා දී තිබේ.

 

ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු අද දින Shimizuගේ දේහය සොයාගත් ස්ථානයේ මල් තබා මොහොතක් නිශ්ශබ්ද වි ඇයට ගෞරව පුද කළහ .මිනීමරුවා හෝ මිනීමරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා යෙන් මිලියන 3 ක ත්‍යාගයක් පිරිනමන අතර කිසියම් තොරතුරක් දන්නා අයෙක් වේ නම් 0120-400538 අංකයට Toyota පොලිසියට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

94 Views

Comments