ඔමික්‍රෝන් පැතිර ගියද lockdown කිරීමක් සිදු නොකරන බව නවසීලන්තය පවසයි


Omicron ප්‍රභේදය  පැතිර යාමෙන් වැළකී සිටින රටවල් කිහිපය අතරින් නවසීලන්තයද එකකි. එනමුදු එහි අග්‍රාමාත්‍යවරිය පසු??

.

Omicron ප්‍රභේදය  පැතිර යාමෙන් වැළකී සිටින රටවල් කිහිපය අතරින් නවසීලන්තයද එකකි. එනමුදු එහි අග්‍රාමාත්‍යවරිය පසුගිය බ්‍රහස්පතින්දා දින ප්‍රකාශ කළ අන්දමට  කිසියම් හෝ හේතුවකින්  එක් ඔමික්‍රෝන්  ආසාදිතයෙක් හෝ සොයාගන්න හොත් රට තුළ දැඩි සීමා  පැනවීමට නියමිතයි. තවදුරටත් ඇය ප්‍රකාශ කර සිටියේ ඩෙල්ටා ප්‍රභේදය නිසා රට තුළ lockdown කිරීමක් සිදුවූ නමුත්  මෙම අවස්ථාවේදී රට එලෙස lockdown කිරීමට බලාපොරොත්තු නොවන බවයි .

 

මොනම ආකාරයකින් හෝ ඔමික්‍රෝන් ආසාදිතයෙක් සොයා ගැනුණ හොත් ඉන් පැය විසි හතරක් හෝ 48ක් ඇතුළත රට රතු කලාපයක් ලෙස නම් කර සීමා පන වන අතර එදිනෙදා පවත්වාගෙන ගිය ව්‍යාපාර කටයුතු හා ප්‍රවාහන කටයුතු සුපුරුදු පරිදි ම පවත්වාගෙන යන මුත් පිරිස් රැස්වීම් සියයකට අඩු කරන බවයි .

පාසල් ළමුන්ටද මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කරන බව ද ඇය ප්‍රකාශ කර තිබිණි .

Comments