කැමරා භාවිතයෙන් සෝදිසි කිරීම් වලට ලක්වූ හොක්කයිඩෝ බෝට්ටුව


ගිලීමට ලක්වූ සංචාරක බෝට්ටුව තවදුරටත් පරික්ෂා කෙරේ

.

ජපානයේ උතුරු ප්‍රධාන දූපත වන Hokkaido ඔබ්බෙන් වූ මුහුදේදී ගිලී ගිය සංචාරක බෝට්ටුව  ඩ්‍රෝන යානයක් ආධාරයෙන් සෝදිසි කිරීමට අඟහරුවාදා පොලිස් කණ්ඩායම් සමත් වූ නමුත් අතුරුදහන් වූ පුද්ගලයින් 12 දෙනෙකුගේ කිසිදු සලකුණක් සොයාගැනීමට නොහැකි වූ බව මෙහෙයුමට සම්බන්ධ නිලධාරීන් පැවසීය.

 

කැමරා සහිත උපකරණය භාවිතයෙන් නෞකාව සෙවීමට මීට පෙර දැරූ උත්සාහයන් දැඩි මුහුදු රළ සහ සුළං ධාරා හේතුවෙන් අසාර්ථක වුවත් අඟහරුවාදා දිනයේදී ඩ්‍රෝන යානා කිහිප වතාවක්ම ගිලී ඇති යාත්‍රාව තුළට යැවීමට Hokkaido පොලිසිය සමත් වූ බව මෙහෙයුමට සහභාගී වූ ජපාන වෙරළාරක්ෂක නිලධාරීන් වාර්තා කළේය. 

 

නැව් 12 ක් සහ ගුවන් යානා 6 ක් මෙහෙයුමට සම්බන්ධ වී ඇති අතර  අතුරුදහන් වූවන් සෙවීම බලධාරීන් විසින් දිගටම කරගෙන යනු ලබයි .ගිලුණු බෝට්ටුවේ අභ්‍යන්තරය සමීපව නිරීක්ෂණය කිරීම සඳහා ගැඹුරු කිමිදුම් මෙහෙයුමක් සඳහා සූදානම් වෙමින් පවතින බව වාර්තා වේ.

111 Views

Comments