නැවත ආරම්භ වූ Yabusame අශ්ව දුනු විදීමේ චාරිත්‍රය


Yubusame අශ්ව දුනු විදීමේ චාරිත්‍රය නැවත ආරම්භ වෙයි

.

වසර තුනකට පසු පලමු වරට මැයි 3 වන දින "yabusame" නම් වූ පුරාණ දුනු විදීමේ චාරිත්‍රය ජපානයේ පුරාණ අගනුවර Sakyo Ward හි පිහිටි සිද්ධස්ථානයකදි උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

 

නගරයේ ප්‍රධාන උත්සව තුනෙන් එකක් වන Aoi උත්සවයේ ආරක්ෂාව සඳහා යාඥා කිරීම වෙනුවෙන් මෙය පැවැත්වූ අතර මාලිගාවේ රදලයන් සහ සමුරායි රණශූරයන් මෙන් සැරසී සිටි දුනුවායන් සිය අශ්වයන් පිට නැගී ගමන් කරමින් පූජනීය භූමියේ පිහිටි Tadasu-no-morri වනාන්තරය වෙත ඊතල මුදා හැරියහ. එක් පසෙකින් 50cm පමණ වූ දේවදාර දැව ඉලක්ක වෙත ඊතල වදින විට නරඹන්නන් හයියෙන් අත්පොළසන් දීම සිදු කළහ. 

 

Aoi උත්සවයේ "Roto-no-gi" උත්සවය, නගරයේ Heian යුගයේ උසාවි ඇඳුම් පෙළපාලිය, වසංගතය හේතුවෙන් තුන්වන වසර සඳහාත‍් අවලංගු කර ඇති නමුත් ගෙවීම් සිදු කරන ප්‍රේක්ෂකයින් 800කට පමණක් පළමු Yabusame චාරිත්‍රය දැකීමට අවසර ලබා දී තිබේ.

142 Views

Comments