සාමයේ වැදගත්කම තේමා කරගත් ජපන් ළමා දිනය


සාමය තේමා කර ගනිමින් ජපානයේ ළමා දිනය සමරයි

.

දරුවන්ගේ සතුට වෙනුවෙන් මුළු ජපන් සමාජයම යාඥා කරන දිනයක් ලෙස මැයි 5 වන දිනය එනම් අදට යෙදී තිබෙන ජපානයේ ළමා දිනය හැඳින්විය හැකි වේ. 

 

යුක්‍රේනයේ දරුවන්ගේ සතුට රුසියාවේ ආක්‍රමණයෙන් පාගා දමන, බොහෝ දරුවන්ට බෝම්බ ප්‍රහාරවලින් සිය ජීවිත අහිමි වී හෝ පවුල්වලින් වෙන් වීමට සිදුව ඇති මොහාතක සාමයේ වැදගත්කම තම දරුවන්ට කියා දෙමින් ළමා දිනය සමරන ලෙස පාසල් ගුරුවරුන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියහ .

 

සමහර දරුවන් රුසියාවට එරෙහිව අමනාපය ප්‍රකාශ කරමින් වරක් රුසියානු සම්භවයක් ඇති අහිංසක ගැහැණු ළමයෙකුට අපහාස කිරීම නිසා මෙලෙස ඉල්ලිම් කොට ඇතත් මෙය පලමු හා අවසන් සිදුවිම නොවන බව පෙන්වා දුන් ගුරුවරුන්  දරුවන්ට යුද්ධයේ යථාර්ථය තේරුම් කිරිමේ වගකීමේ කොටසක් දෙමව්පියන් සතුව පවතින බව පෙන්වා දුන්හ.

116 Views

Comments