සියදිවි නසාගැනීමක් බවට පෙනෙන අයුරින් සිදුකළ ඝාතනය


බිරිඳ ඝාතනය කළා යැයි සැකපිට ස්වාමිපුරුෂයා අත්අඩංගුවට පත්වෙයි

.

Aomori හි පිහිටි නිවසක‍දි 84 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 79 හැවිරිදි බිරිඳ බදාදා රාත්‍රියේ මියගොස් සිටියදී  සොයාගත් අතර එය  සියදිවි නසාගැනීමක් ලෙස පෙනෙන ආකාරයට සිදු කළ මිනීමැරුමක් බවට පොලිසිය සැක පළ කොට ඇත .

 

පොලිසියට අනුව මෙම යුවළගේ වැඩිමහල් පුත්‍රයා රාත්‍රී 11 ට පමණ නිවසට පැමිණෙන විටත් දෙදෙනාම මියගොස් සිට තිබේ. පියාගේ සිරුර සාලයේ සෝෆාව මත තිබීයදී සොයා ගෙන ඇති අතර 119 අමතා තම මව සොයා බැලූ ඔහුට නිවසට යාබද මඩුවක තිබී ගෙල වැලලාගෙන මියගොස් සිටි ඇගේ සිරුර හමුවී තිබේ. 

 

කාන්තාව සිය සැමියාගේ ගෙල සිරකර මරා දමා පසුව මඩුවට ගොස් ලණුවකින් සිය ගෙල වැලලාගෙන මරණයට පත්ව ඇති බව පෙන්වීමට සලස්වා ඇති බව පොලිසිය සඳහන් කළේය 

108 Views

Comments