ජපානයේ පලමු වතාවට අභිජනනය වූ මුහුදු හම්බෙල්ලෝ


ජපානයේ මුහුදු බෙල්ලන් අභිජනනය කිරීමට යොමු වෙයි

.

ජපානය තුළ Phyllodesmium briareum නම් බොහෝ කූඩාරම් සහිත මුහුදු හම්බෙල්ලන් වර්ගය සාර්ථකව අභිජනනය කළ පළමු ආයතනය බවට Kagoshima City Aquarium පත් විය.ජපාන සත්වෝද්‍යාන සහ මින්මැදුරු සංගමය එය රට තුළ පළමු සාර්ථක සත්ව අභිජනනය බවට සහතික කර තිබේ. 

 

අභිජනනය කළ මෙම හම් බෙල්ලා මින්මැදුරේ ප්‍රදර්ශනය සදහා තබා තිබේ. ඔවුන් සාමාන්‍යයෙන් උතුරු පැසිෆික් සාගරයේ Kuroshio ධාරා ද්‍රෝණියේ මීටර් 5ක් පමණ ගැඹුරින් දක්නට ලැබෙන අතර ඔවුන් දිගින් 3Cm සිට 5Cm දක්වා ප්‍රමාණයකින් යුක්ත වේ. 

 

එම ප්‍රදේශයේම ජීවත් වන හරිත තරු Polyps කොරල් මත බෙල්ලන් වාසය කරයි. මින්මැදුරේ නිලධාරීන් විසින් Kagoshima සහ Okinawa ප්‍රාන්ත අතර පිහිටි Tanegashima දූපතෙන් මුහුදු හම්බෙල්ලන් අල්ලා ගෙන ඇති අතර වසරකට පසුව ඔවුන්ගේ බිත්තර මගින් පැටවුන් බිහි වි තිබේ .

102 Views

Comments