ටෝකියෝ අසල ප්‍රදේශ කම්පනයට පත් කළ  භූමිකම්පාව


ටෝකියෝ අසලින් තවත් භූමිකම්පාවක් වාර්තා වේ

.

බ්‍රහස්පතින්දා සවස 6.42 ට පමණ ටෝකියෝවට ආසන්න Ibaraki , Tochigi සහ Gunma ප්‍රාන්තවල රිච්ටර් මාපකයේ 4.8 ක් ලෙස සටහන් වූ මූලික භූ කම්පනයක් ඇති වූ නමුත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් නොකළ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවැසීය .

 

දකුණු Ibaraki ප්‍රාන්තයේ 40 Km පමණ ගැඹුරට මෙම භූමිකම්පාව විහිදී ඇති අතර මධ්‍යම ටෝකියෝවට ද එහි කම්පනය දැනී ඇති බව සඳහන් වේ .

 

ජපන් භූ කම්පන තීව්‍රතා පරිමාණයෙන් 7ක් ලෙස සටහන් වූ භූකම්පන 4ක් වරින් වර මෙලෙස ප්‍රාන්ත තුනේම දකුණු ප්‍රදේශයන්හි ඇතිවූ වූ බව ඒජන්සිය විසින් ප්‍රකාශ කොට තිබේ .

125 Views

Comments