බටහිර ජපන් ගඟේ පිහිනීමේ යෙදෙන Carp මත්ස්‍යයෝ


බටහිර ජපානයෙන් ගංගාවක කාප් මත්ස්‍යයන් බලා ගැනීමට නරඹන්නන් විශාල වශයෙන් රැස්වේ

.

Corona වසංගතය හේතුවෙන් වසර තුනකට පසු පළමු වරට  බටහිර ජපනයේ Yamaguchi ප්‍රාන්තයේ Hofu හි මීටර 80 ක පළලකින් යුතු Saba ගංගාවේ පැවැත්වූ වර්ණවත් Carp මසුන් 120 දෙනෙකුගේ පමණ “පිහිනීමේ” උත්සවය නැරඹීම සඳහා ලොකු කුඩා නරඹන්නන් රාශියක් පැමිණ සිටියහ .

 

ලණුවල බඳින ලද Carp Streamers ඉතා අලංකාර ලෙස ගඟ හරහා ජලයේ පිහිනන අයුරු අතිශයින්ම දර්ශනීය වේ. මෙම ප්‍රදර්ශනය 2008 දී දේශීය ස්වේච්ඡා සේවකයන් පිරිසක් විසින් ආරම්භ කරන ලද අතර පසු කාලීනව විධායක කමිටුව විසින් එය ගිම්හානයේ මුල් සම්ප්‍රදායක් බවට පත් කොට තිබේ. 

 

ජපානයේ, මැයි 5 වන දිනට යෙදෙන ළමා දිනය සැමරීම වෙනුවෙන් සෑම වසරකදීම සම්ප්‍රදායික Carp Streamers ගඟෙන් ඉහළ වාතයේ පියාසර කරනු ලැබේ.

131 Views

Comments