ජපානයේ මිනිසුන්ට මුඛ ආවරණ පැළඳීම නැවැත්විය හැක්කේ කවදාද?


corona තුරන් වීමත් සමග ජපානයේ මිනිසුන්ට මුඛ ආවරණ පැළඳීම නැවැත්විය හැකිවෙතැයි අදහස් ප්‍රකාශ කෙරේ

.

දිගු Corona වෛරස වසංගතය හේතුවෙන් මුඛ  ආවරණය පැළඳීම රටේ ජනතාවගේ එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත්ව ඇති අතර, යුරෝපය සහ එක්සත් ජනපදය සිය රට තුළ ආසාදන ප්‍රවණතාවලට අනුකූලව මුව ආවරණය පැළදිමේ විධාන අවසන් කිරීමට හෝ ලිහිල් කිරීමට උත්සහය කරමින් සිටින බව වාර්තා වේ. 

 

මෙම වසර ආරම්භයේ සිට, යුරෝපයේ සහ එක්සත් ජනපදයේ මුඛ  ආවරණ අවශ්‍යතා සංශෝධනය කිරීමට පටන් ගෙන ඇත. ජනවාරි මාසයේදී, COVID-19 බූස්ටර මාත්‍රාව ලබාදීමේ අනුපාතය සහ ආසාදන සංඛ්‍යාව අඩුවීම මත පදනම්ව ගෘහස්ථ පොදු ස්ථානවල  මුව ආවරණ පැළඳීම ඇතුළුව බොහෝ වසංගත නීති එංගලන්තයේ පවා ඉවත් කොට තිබේ .

 

මාර්තු අග දී ටෝකියෝ සහ ඔසාකා ඇතුළු ප්‍රාන්ත 18 ක අර්ධ රාජ්‍ය හදිසි තත්වය ඉවත් කිරීමෙන් පසු ජපානයේ Corona වෛරස රෝගීන් සංඛ්‍යාව තාවකාලිකව වැඩි වූ නමුත් අප්‍රේල් මැද සිට ප්‍රධාන වශයෙන් අගනගර ප්‍රදේශවල ව්‍යාප්තිය අඩු වී තිබේ. එබැවින් ජපන් ජනතාව ඔවුන්ගේ මුඛ  ආවරණ පැළදීමේ නීති අවසන් කරන්නේ කවදාද යන්න පිළිබඳව විමසිල්ලෙන් මග බලා සිටී.

121 Views

Comments