නැගෙනහිර ජපානයේ කනිෂ්ඨ උසස් පාසලට ඇතුළත් වූ  යුක්‍රේනියානු දරුවෝ


යුක්රේනියානු දරුවන්ට ජපාන කනිෂ්ඨ පාසල් වලින් උපකාර ලැබේ

.

සිය මව් රට තුළ සිදුවන රුසියානු ආක්‍රමණ හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී නැගෙනහිර ජපාන නගරයට ඉවත් වූ යුක්‍රේනියානු පවුලක දරුවන් තිදෙනෙකු මැයි 2 වන දින ඔවුන්ගේ පළමු ජපන් පාසල ලෙස නාගරික කනිෂ්ඨ උසස් පාසලකට පසුගියදා සහභාගී වී තිබේ .

 

Gunma ප්‍රාන්තයේ Kiryu හි වෙසෙන ඇගේ ඥාති සොහොයුරිය වන 45 හැවිරිදි Svitlana Ozhibko  මත විශ්වාසය තබමින් 

50 හැවිරිදි Tetyana Nikhotina හා ඇයගේ පුතුන් වන 15 හැවිරිදි Ustym Mosula, 13 හැවිරිදි Matvii Mosula සහ ඇගේ ලේලිය 15 හැවිරිදි Anastasiya Nikhotina මෙලෙස ජපානයට පැමිණ තිබේ. 

 

පසුව මැයි 2 දින Seiryu කනිෂ්ඨ උසස් පාසලේ නිල ඇඳුමින් සැරසුණු දරුවන් තිදෙනා පාසලට ඇතුළත් වි තිබේ .පාසලට අනුව, ඔවුන් තිදෙනාම තාවකාලිකව දෙවන වසරේ පන්තියකට ඇතුළත් කොට ඇති අතර නගරයේ සහකාර භාෂා ගුරුවරුන් සහ ජපන් භාෂා ගුරුවරුන් විසින් සතියකට දෙවරක් උදේ 11 සිට පැය දෙකක පන්ති පැවැත්වීමට නියමිතව තිබේ.

Comments