දුම්රිය සංවත්සරය සැමරීම වෙනුවෙන් නාද වූ පැරණි දුම්රිය එන්ජිම


ජපානයේ පළමුවැනි දුම්රිය මාර්ගය විවෘත කිරීමේ සංවත්සරය සමරයි

.

ජපානයේ පළමු දුම්රිය මාර්ගය විවෘත කිරීමේ 150 වැනි සංවත්සරයට පෙර පැවැති විශේෂ දිනය  සැමරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකදී Kyoto හි Shimogyo Ward දුම්රිය කෞතුකාගාරයේ සංරක්ෂණය කර ප්‍රදර්ශනයට තබා තිබූ වාෂ්ප දුම්රිය එන්ජින් දෙකක් ඔවුන්ගේ  නලාව නාද කොට උත්සවයට සහභාගී වී තිබේ. 

 

උත්සවයට සහභාගී වූ 1948 දී නිෂ්පාදනය කල ජපන් ජාතික දුම්රිය පන්තියේ C62-2 මාදිලියේ එන්ජිම SL Steam කෞතුකාගාර පරිශ්‍රය තුළ කිලෝමීටර 1 පමණ වට සංචාරයක් ගමන් කළේය . පෙරවරු 11 ට පළමු දුම්රිය පිටත් වීමට සුදානම් වූ විට, කෞතුකාගාර අධ්‍යක්ෂ Masahiro Maeda ඔහුගේ දකුණු අත එසවූ අතර, ඒ සමගම විශාල නලා ශබ්දයක් ඇසුණි.

 

අනතුරුව 1880 දී එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන ලද දැනට කෞතුකාගාරයේ තබා ඇති පැරණිතම ජපන් රජයේ දුම්රිය පන්තිය 7100-7105 Yoshitsune උත්සවයට සහභාගි වූ අතර විදුලි පංකාවේ හැඩය ඇති ගරාජය ඉදිරිපිට කරකැවෙන මේසය මත භ්‍රමණය වෙමින් එන්ජිම සිය නලාව ගසා සිය දුම්රිය ගමන් මතක ආවර්ජනය කළේය.

Comments