ජපන් දූපත් වල වර්ධනය වෙමින් පවතින වල් ඌරු ගහනය


ජපානයේ දූපතක් සංක්‍රමණය වූ වල් ඌරන්ගේ වසංගතයකට ලක්වෙයි

.

සංක්‍රමණය වූ බවට විශ්වාස කෙරෙන වල් ඌරන්ගේ වසංගතයකට Honshu සහ Shikoku දූපත් අතර පිහිටි ජපානයේ Seto දූපත හසු වී ඇති අතර Hyogo ප්‍රාන්තයේ අභ්‍යන්තර  මුහුද හරහා පිහිනමින් සිටින වල් ඌරන් රාශියක් දැකිය හැකි වේ. 

 

2020 ශීත ඍතුවේ දී 74 හැවිරිදි Hironobu Sakamoto , Hyogo ප්‍රාන්තයේ Himeji හි Ieshima දූපත් වලට ඔබ්බෙන් පාවෙන කළු වස්තුවක් දැක ඇති අතර වෘත්තීය ධීවරයෙකු ලෙස අඩ සියවසකට වැඩි කාලයක් ගත කළ ඔහු "මට මෙහි බෝයාවක් මතක නැත" යනුවෙන් පවසා තිබේ. පසුව ඔහු ධීවර බෝට්ටුවෙන් එම ස්ථානයට ළං වූ විට  එම බෝයාව වල් ඌරෙකු ලෙස හදුනාගෙන ඇත. 

 

" ඌරා බල්ලෙකු මෙන් කකුල් පද්දමින් සෙමින් ගමන් කළේය, මම හිතුවේ එය ගිලී යයි කියලා " යනුවෙන් Sakamoto ඔවුන් පිළිබඳව විස්තර ප්‍රකාශ කළේය. 2020 වසරට සාපේක්ෂව මේ වන විට දූපත් අවට පිහිනීමට පුරුදු වන වල් ඌරු ගහනය වැඩිවී ඇති බව නිරීක්ෂණ මගින් වාර්තා වී තිබේ.

106 Views

Comments