පුණ්‍ය කටයුතු වෙනුවෙන් සහභාගී වන අතිවිශිෂ්ට ලෙස සැරසූ ට්‍රක් රථ


ආපදා සහනාධාර ලබාදීමට ආකර්ෂණීය ට්‍රක් රථ පෙලක් සහභාගි වේ

.

ජපානයේ ආපදාවට ලක් වූ ප්‍රදේශවලට සැපයුම් බෙදා හරිමින් සිටින උද්‍යෝගිමත් පිරිසක් විසින් පවත්වන ලද පුණ්‍ය කටයුත්තක් සඳහා  මැයි 4 වන දින විදුලි පහන් සහ දර්ශනීය අමතර කොටස් වලින් අතිවිශිෂ්ට ලෙස සරසන ලද ට්‍රක් රථ 400 ත් 500 ත් අතර ප්‍රමාණයක් බටහිර ජපානයේ Wakayama නගරයේ Cosmo-Park Kada ස්ථානයට රැස් වී තිබේ.

 

මෙම වාහන සාමාන්‍යයෙන් ජපන් භාෂාවෙන් "Dekotora " ලෙස හැඳින්වේ. Zenkoku Utamaro Kai ලෙස හැඳින්වෙන උද්යෝගිමත් dekotora කණ්ඩායමක් වන ඔවුන් විසින් මහා නැගෙනහිර ජපානයේ භූමිකම්පාව වැනි විපත්තිවලට ගොදුරු වන්නන් සඳහා වසරකට තුන් වතාවක් පුණ්‍ය කටයුතු පවත්වනු ලබයි.

 

බොහෝ දෙනෙකුට එම අවස්ථාවට සහභාගී වීමට හැකි වන පරිදි ප්‍රවේශය නොමිලයේ තබා ඇති අතර, ආපදාවට ලක්වූවන්ට ආධාර කිරීම සඳහා මුදල් පරිත්‍යාග කරන ලෙස සංවිධායකවරයා නරඹන්නන්ගෙන් ඉල්ලා සිටියි .

 

ආපදා අවස්ථාවන්හිදී මෙම සාමාජිකයින් විසින් ඔවුන් මිලදී ගන්නා එදිනෙදා භාණ්ඩ ඇතුළු සැපයුම් තම ට්‍රක් රථවලට පටවා ගෙන ගොස් ඒවා සෘජුවම බලපෑමට ලක් වූ ප්‍රදේශවල තාවකාලික වාසස්ථාන සහ වෙනත් ස්ථානවලට බෙදා හරිනු ලැබේ 

Comments