වෙනස්වන මනස්කාන්ත අහස පිළිබිඹු කරන ජලයෙන් පිරුණු කුඹුරු යායක්


ජපානය පුරා ගොයම් පැළ රෝපණ කාලය ඇරඹේ

.

ජපානය පුරා සියලු ප්‍රදේශවල පාහේ ගොයම් පැළ රෝපණ කාලය ආරම්භ වී ඇති බැවින්  "ජල කැඩපත" සංසිද්ධිය අනුව හිරු බැස යන සහ නැගෙන අහස මනස්කාන්ත අයුරින් පිළිබිඹු කරන කුඹුරු යායවල් බොහෝ ප්‍රදේශවල නිරීක්ෂණය කළ හැකි වේ .

 

කෘෂිකර්ම, වන විද්‍යා සහ ධීවර අමාත්‍යාංශය විසින් තෝරා ගන්නා ලද "ජපානයේ ඉහළම ගුණාත්මක බවින් යුතු කුඹුරු යායවල් 100" අතුරින් එකක් වන  Oyama Senmaida, නැගෙනහිර ජපානයේ Chiba ප්‍රාන්තයේ  Kamogawa නගරයේ පිහිටා ඇති අතර ජලයෙන් පිරුණු කුඹුරු යාය මත නිරන්තරයෙන් වෙනස් වන අහස පිළිබිඹු කරමින් සංචාරකයින් සතුටට පත් කරනු ලබයි . Boso අර්ධද්වීපය මධ්‍යයේ පිහිටා ඇති හෙක්ටයාර 3.2 ක ප්‍රදේශය කුඹුරු පේළි 375 කින් යුක්ත වේ.  

 

වගා බිම් පාළු වීමට එරෙහිව ගනු ලබන පියවරක් ලෙස නාගරික ප්‍රදේශවල ජනතාවට කුඹුරු ණයට ගැනීමට ඉඩ සැලසීමේ හිමිකාරිත්ව ක්‍රමයක් 2000 වසරේ හඳුන්වා දෙන ලදී. ඒ අනුව "Golden Week " නිවාඩුවේ පළමු දිනය වූ අප්‍රේල් 29 වැනි දා එවැනි හිමිකරුවන් ඇතුළු ගොවීන් 200ක් පමණ කුඹුරු යායේ වී වගා කොට තිබේ.

Comments