ජපානය සමඟ රාජ්‍ය සබඳතා ශක්තිමත් කල  පැසිෆික් කලාපයේ ෆීජි දූපත


ජපානය තවත් රාජ්‍යයන් කීපයක් සමග සබඳතා ශක්තිමත් කරගනී

.

සෙනසුරාදා දින Fiji අගනුවර වන Suva හිදී  ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi සහ Fiji හි විදේශ අමාත්‍ය Voreqe Bainimarama අතර පැවති සාකච්ඡාවේදි පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා සමීපව සහයෝගයෙන් කටයුතු කරන බවට නායකයින් පොරොන්දු වූ බවත් චීනය සහ සොලමන් දූපත් අතර මෑත කාලීන ආරක්ෂක ගිවිසුම පිළිබඳ කනස්සල්ල බෙදාගත් බවත් ජපාන රජය පැවැසීය . 

 

යුක්‍රේනය තුළ රුසියාවේ හමුදා ආක්‍රමණය දැඩි ලෙස හෙළා දකින Hayashi , එය ජාත්‍යන්තර පර්යායේ පදනම සොලවන බවත්, මූලික වටිනාකම් බෙදාහදා ගන්නා රටවල් එක්සත් වීම වැදගත් බවත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

 

කලාපය තුළ බීජිංහි මිලිටරි බලපෑම වැඩි වීම පිලිබඳ කනස්සල්ල වර්ධනය කරමින් නිරිතදිග පැසිෆික් සාගරයේ Solomon දූපත් සමඟ චීනය ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළ බව පසුගිය මාසයේ පැවසීමෙන් අනතුරුව කලාපයේ නිදහස් හා විවෘත භාවය පවත්වා ගැනීම වෙනුවෙන් Hayashi විසින් පැසිෆික් දූපත් වන Fiji සහ Palau වෙත මෙලෙස දින තුනක සංචාරයක් සිදු කළේය .

Comments