ඖෂධ අලෙවිසැල පිටතදී මාරාන්තික ලෙස ලද පිහි ඇනුම් හේතුවෙන් මියගිය පුද්ගලයා


Nagasaki ප්‍රාන්තයේ දී පිහි ඇනුමකට ලක් වූ පුද්ගලයෙකු මිය යයි

.

සෙනසුරාදා දින Nagasaki ප්‍රාන්තයේ Tsushima හි පිහිටි ඖෂධ අලෙවිසැලක් ඉදිරිපිටදී 23 හැවිරිදි තරුණයෙකු පිහි ඇනුමකින් තුවාල ලබා සිටියදී මිය ගිය බව ප්‍රාන්ත පොලිසිය පැවැසීය. 

 

ඖෂධ ගබඩාවේ සේවකයෙකු විසින් සෙනසුරාදා උදේ 10 ට පමණ මෙම පුද්ගලයා දැක ඇති අතර 110 අමතා මිනිසෙක් පපුවෙන් ලේ ගලමින් ගබඩාවෙන් පිටත වැතිර සිටිනවා යනුවෙන් පවසා තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය තුවාලකරු වහාම රෝහල් ගතකළ නමුත් දරුණු තුවාල සහ ලේ ගැලීම හේතුවෙන් ඔහු මිය ගොස් තිබේ. 

 

පොලීසිය පැවසුවේ, ඝාතනයට ලක්ව ඇත්තේ ජාතික මාර්ග අංක 382 ඔස්සේ පිහිටි ඖෂධ අලෙවිසැලේ සේවය කරමින් සිටි අර්ධකාලීන සේවකයෙකු බවයි. අනතුර සිදුවූයේ කෙසේදැයි සොයා බැලීම සඳහා නිරීක්ෂණ කැමරා දර්ශන පරීක්ෂා කරන බව පොලිසිය සඳහන් කළේය .

115 Views

Comments