දකුණු කොරියානු නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වූ ජපාන නායකයා


දකුණු කොරියාව හා ජපානය අතර සම්බන්ධතා වර්ධනය වේ

.

ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi සහ ඔහුගේ දකුණු කොරියානු සහචරයා වූ Park Jin සඳුදා දින පැවැති සාකච්ඡාවේදී දශක ගණනාවක් පැරණි යුද කාලීන ගැටළු හේතුවෙන් දෙරට අතර ඇතිවී තිබෙන අයිස් සබඳතා දියකර හැරීමේ අවශ්‍යතාවයට එකඟ වී තිබේ .

 

දකුණු කොරියානු ජනාධිපති ලෙස තේරී පත් වූ Yoon Suk Yoel ගේ පදවි ප්‍රාප්තියට පෙර දින Seoul නුවරදී නායකයින් දෙදෙනා හමුවී ඇති අතර කලාපීය ගැටළු මධ්‍යයේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල තර්ජනවලට මුහුණ දීම සඳහා එක්සත් ජනපදය හා සම්බන්ධ ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම තහවුරු කල බව ජපාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 

 

පැය දෙකක පමණ කාලයක් පැවති මෙම හමුවේදී "ජපාන-දකුණු කොරියානු ජාතීන් දෙක අතර පවතින සබඳතා තවදුරටත් පිරිහීමට ඉඩ නොතැබිය යුතු" බවට ඔවුන් දෙදෙනා එකඟ වූ බවද අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

84 Views

Comments