අගනගරය තුළ නව Corona ආසාදිතයින්ගේ ව්‍යාප්තිය


ටෝකියෝ නුවර corona ආසාදිතයන්ගේ වර්ධනය ක්‍රමයෙන් අඩුවේ

.

මැයි 9 වන සඳුදා දින නව Corona වෛරස ආසාදිතයින් 3011 ක් වාර්තා වූ නමුත් එය COVID-19 මරණ කිසිවක් වාර්තා නොවූ දිනයක් වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

ටෝකියෝවේ සාමාන්‍ය Corona ආසාදිත රෝගීන් වෙනුවෙන් නම් කරන ලද ඇඳන් 7229 න් 1134 ක් මෙන්ම දරුණු රෝගීන් වෙනුවෙන් වූ ඇඳන් 804 න් 31 ක් සදුදා වනවිට පිරී ගොස්‌ තිබු බව සඳහන් වේ. 

 

නව ආසාදිතයන්ගෙන් 1509 කට COVID-19 එන්නත් දෙකක් ද, 31 කට එක් එන්නතක් ලබා දී තිබේ. ආසාදිතයන් 695 කට එක් එන්නතක් හෝ ලබා දී නොමැති අතර 776 දෙනෙකුගේ එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ .

112 Views

Comments