අති නවීන ස්වයංක්‍රීය ධාවන තාක්ෂණය දියුණු කරන Fukaya නගරයේ Saitama ප්‍රාන්තයේ පිහිටි Saitama තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු කණ්ඩායමක් විසින් සිදු කරන ලද මෑත කාලීන සාර්ථක තාක්ෂණික අත්හදා බැලීමකින් පසු අනාගත වැසි විපත් වලදී සහන සැලසීම සඳහා ස්වයංක්‍රීය උභයජීවී බස් රථයක් නිපදවා තිබේ.
" මෙම සේවාව, මෑත වසරවල නිතර සිදු වූ ධාරානිපාත වර්ෂාව ඇතුළු ආපදා කාලවලදී භාවිතයට ගත හැකි වේ " යනුවෙන් පසුගිය අප්‍රේල් 29 වැනිදා පරීක්ෂණයේ සාර්ථකත්වය නිවේදනය කරමින් රූප ඉංජිනේරු සහ ස්වයංක්‍රීය නියමු තාක්ෂණ විශේෂඥ මහාචාර්ය Daishi Watanabe පැවැසීය.
Saitama තාක්ෂණ ආයතනය, Gunma ප්‍රාන්තයේ Naganohara නාගරික රජය සහ ටෝකියෝ හි පිහිටි ITbook Holdings සමාගම ඇතුළු සංවිධාන පහක එකමුතුව මගින් සැපයෙන අරමුදල් භාවිතයෙන් ස්වයංක්‍රීය බස් රථ සංවර්ධනය කිරීම විශ්ව විද්‍යාලය මගින් සිදු කරනු ලබයි .