ජපානයේ කාලෝචිත සාර්ථකත්වයට පත්වූ සෝවියට් ලේඛකයාගේ නවතම අනුවාදය


යුද්ධයේ ස්වභාවය වඩාත් අවබෝධ කර ගැනීම සඳහා උපකාර කරගත හැකි පොතක් නිකුත් වෙයි

.

යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය මධ්‍යයේ යුද්ධයේ ස්වභාවය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට අපේක්ෂා කරන ජපන් පාඨකයන් වෙනුවෙන් දෙවන ලෝක සංග්‍රාමයේදී ජර්මනියට එරෙහි සෝවියට් සංගමයේ ව්‍යාපාරයේ සේවය කළ කාන්තාවන්ගේ අත්දැකීම් පිළිබඳ "Svetlana Alexievich නම් නොබෙල් ජයග්‍රාහකයෙකු විසින් 1985 දි රචිත ප්‍රබන්ධ නොවන පොතක් එළි දක්වා තිබේ. 

 

"The Unwomanly Face of War" ලෙස හැඳින්වෙන එම පොතේ Manga අනුවර්තනයක් සකස් කොට ඇති අතර එය වර්තමානයේදී පාඨකයන් අතර කාලෝචිත සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව වාර්තා වේ. 

 

"මුල් පොතේ සම්පාදනය කර ඇති යුද්ධයට ගිය කාන්තාවන්ගේ වාචික ඉතිහාසය, ගැටුම් පිළිබඳ ජපන් සංජානනය සොලවන නොදන්නා කරුණු රාශියකින් පිරී ඇත" යනුවෙන් ජපන් භාෂාවෙන් පරිවර්තනය කර ඇති "Swnso wa onnna no kao wo shiteinai" යන මාතෘකාව සහිත Manga අනුවාදයේ ප්‍රධානියා වන Kentaro Ogino පැවැසීය .  

 

2020 සිට මේ වෙනතෙක් මෙම ග්‍රන්ථයේ වෙළුම් තුනක් නිකුත් කර ඇති අතර, මුද්‍රිත සහ ඩිජිටල් ආකෘති හරහා ඒකාබද්ධ පිටපත් 400,000 ක් අලෙවි කර ඇති බව එහි ප්‍රකාශකයා වන Kadokawa Corp පැවැසීය.

130 Views

Comments