සබ්මැරීන් කැමරා භාවිතයෙන් අඛණ්‌ඩව සිදුකෙරෙන මෙහෙයුම් කටයුතු


ගිලීගිය සංචාරක නැව පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ

.

ඉහළ කාර්ය සාධනයක් සහිත දිය යට කැමරාවක් භාවිතා කරමින් මැයි 9 වන දින Hokkaido හි Shiretoko අර්ධද්වීපයෙන් ඔබ්බට වූ මුහුදේදී ගිලීගිය Kazu I සංචාරක යාත්‍රාවේ සිටියදී අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් කටයුතු අඛණ්‌ඩව සිදුකළ නමුත් උදෑසන 8 වන විටත් නව සොයාගැනීම් කිසිවක් වාර්තා වී නොමැති බව සදහන් වේ. 

 

එය අතුරුදහන් වීමට පෙර අප්‍රේල් 23 වන දින Shiretoko අර්ධද්වීපයේ ගමන් කරමින් සිටියදී යාත්‍රාව තුළට ජලය ලබා ගනිමින් සිටි බව Kazu I වාර්තා කළ අතර සතියකට පමණ පසු දිය යට තිබී යාත්‍රාව සොයා ගන්නා ලදී. 

 

The Nippon Salvage Co. හි පර්යේෂණ නෞකාවක් වන Shinnichi Maru විසින් මැයි 8 දින සිට නිරීක්ෂණ කටයුතු සඳහා යොදවා ඇති මිනිසුන් රහිත, දුරස්ථව ක්‍රියාත්මක වන සබ්මැරීන යන්ත්‍රයෙන් එවා ඇති යාත්‍රාවේ පින්තූර සහ අනෙකුත් දත්ත විශ්ලේෂණය කර කිසියම් තොරතුරක් සොයා ගැනීමට නිලධාරීන් උත්සාහ කරමින් සිටින බව ජපාන වෙරළාරක්ෂක බලකාය (JCG) පැවැසීය.

110 Views

Comments