Shanghai හි අගුළු දැමීම මධ්‍යයේ වැසී ගිය Toyota කම්හල්


Toyota කම්හල් කිහිපයක් වැසෙයි

.

යළිත් වරක් වසංගතයේ ප්‍රබල බලපෑමට ලක්ව සිටින චීනයේ Shanghai හි දිගුකාලීන COVID-19 අගුලු දැමීම් හේතුවෙන් අත්‍යාවශ්‍ය කොටස් මිලදී ගැනීම දුෂ්කර වී ඇති බැවින් ජපානයේ කර්මාන්තශාලා 8 ක අංශ 14 ක මෙහෙයුම් කටයුතු මේ මාසයේ දින හයක් දක්වා අත්හිටුවීමට තීරණය කළ බව Toyota Motor Corp. අඟහරුවාදා නිවේදනය කළේය.

 

මෙම අත්හිටුවීම සමඟින්  මැයි මාසය සඳහා වූ ගෝලීය නිෂ්පාදන ඉලක්කය එහි පෙර අගය වූ වාහන 750,000 සිට වාහන 700,000 දක්වා අඩු කරන බව Toyota සමාගම පැවැසීය .

 

මේ තීරණය යටතේ මැයි 16 සිට මැයි 21 දක්වා Aichi සහ Fukuoka ප්‍රාන්තවල Motomachi සහ Miyata ඇතුළු කම්හල් නවතා දැමෙන අතර මෙම අර්ධ අත්හිටුවීම හේතුවෙන් ජපානයේ බලපෑමට ලක් වූ Toyota කර්මාන්තශාලා සංඛ්‍යාව 12 දක්වා ඉහළ යනු ඇත.

111 Views

Comments