ටොන්ගා සිසුන්ට ජපාන සිසුන්ගෙන් ලිපි


ගිනිකඳු පුපුරා යාම සහ සුනාමි අනතුරු වලින් පීඩාවට පත්ව සිටින ටොන්ගා සිසුන් හට ජපානයේ උතුරු නැගෙනහිර මූලික පා??

.

ගිනිකඳු  පුපුරා යාම සහ සුනාමි අනතුරු වලින් පීඩාවට පත්ව සිටින ටොන්ගා සිසුන් හට ජපානයේ උතුරු නැගෙනහිර මූලික පාසල්වල සිසුන් විසින්  ඔවුන්ගේ මානසික මට්ටම නගාසිටුවීමට හා ඔවුන්ව උද්යෝගිමත් කිරීමට ලිපි යැවීමට බලාපොරොත්තු වේ. ඒ අකීටා ප්‍රාන්තයේ ඔල්ඩේට් නගරයේ Shakanai මූලික පාසලේ 6 ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන සිසුන් 18 දෙනෙක් විසිනි.

 

වසර තුනකට ඉහත දී ජපාන මූලික පාසල්  විසින් සූර්යකාන්ත මල් බීජ පන්දාහක් මිත්‍රත්වයේ සංකේතයක් ලෙස ටොන්ගා සිසුන්හට ලැබෙන්නට සැලැස්විණි.පසුව ටොන්ගා  සිසුන් විසින් ඒ සඳහා  ස්තුති කර බීජ  වලින් පැළ කර ගත් සූරියකාන්ත පැලවල මල් හටගත් බව දන්වා පිළිතුරු ලිපි එවන ලදී .

 

ටොන්ගා සිසුන්ව ලිපි හරහා උද්යෝගිමත් කිරීමේ අවශ්‍යතාවය දැනගත් ජපාන සිසුන් ඔවුන්ව දිරිමත් කරමින්  වැකි සහ චිත්‍ර සහිත ලිපි  ඔවුන්ට යැවීමට බලාපොරොත්තුවෙන් සිටී .

592 Views

Comments