COVID-19 සීමා ලිහිල් කිරීම මධ්‍යයේ ඉහළ යන ආසාදිතයෝ


ටෝකියෝ නුවරින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ඉහළ පහළ යයි

.

මැයි 11 වන බ්‍රහස්පතින්දා දින ජපානයේ අගනුවර නව Corona රෝගීන් 4764 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

නව ආසාදිතයින් 4764 න් 2539 කට COVID-19 එන්නත් දෙකක් ද, 46 කට එක් එන්නතක් ද ලබා දී තිබේ. ඔවුන්ගෙන් 1029 කට කිසිඳු එන්නතක් ලබා දී නොමැති අතර 1150 දෙනෙකුගේ එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ .

 

මැයි 11 වන දින COVID-19 මරණ පහක් වාර්තා වී ඇති අතර ඒ අනුව ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4,375 ක් බවට පත්ව තිබේ.

135 Views

Comments