කොකේන් ජාවාරම් කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් කාන්තාවක්


ඉතා ඉහළ වටිනාකමකින් යුතු කොකෙන් ජාවාරම් කළ කාන්තාවක් අත්අඩංගුවට පත්වේ

.

යෙන් මිලියන 40 කට සමාන වටිනාකමකින් යුත් කොකේන් කිලෝග්‍රෑම් දෙකක් පමණ ජපානයට රැගෙන යාමට උත්සාහ කළ 59 හැවිරිදි කාන්තාවක්, උත්තේජක පාලන නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් සැකපිට Narita ගුවන් තොටුපල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

සැකකාර Harumi Miyauchi සමාගම් විධායක නිලධාරියෙකු ලෙස Nerima Ward හි  සේවය කර ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉතියෝපියාව හරහා පිටත්වී ජපානයේ Narita ගුවන් තොටුපළට ගොඩ බැස තිබේ. ගමන් මලු පරීක්ෂා කිරීමේදී, රේගු නිලධාරීන් විසින් ළමා පොත් දෙකක් සොයා ගෙන ඇති අතර එහි පිටුපස සහ ඉදිරිපස කවරය 1Cm ඝනකමකින් යුක්ත වීම සැක සහිත වූ බැවින් වැඩිදුර පරික්ෂා කිරිමේදී එහි සඟවා තිබූ කොකේන් තොගය සොයා ගැනීමට නිලධාරීන් සමත් වී තිබේ. 

 

ඩුබායි හි හෝටලයකදී විදේශිකයෙකු විසින් සිහිවටනයක් ලෙස මෙම පොත් දෙක අඩංගු බෑගය ඇයට ලබා දුන් බව පොලීසියට පවසා ඇති නමුත් ඇය ජාත්‍යන්තර ජාවාරම් සංවිධානයකට සම්බන්ධ බවට සැක පළකෙරෙන බැවින් ජපානයට සැපයුම් මාර්ගය පැමිණෙන ආකාරය පිළිබඳව පොලීසිය විසින් පරීක්‍ෂණ පවත්වනු ලබයි .

160 Views

Comments