සිය අලුත උපන් පිරිමි දරුවාගේ මළ සිරුර පසුගිය මාසයේ මහල් නිවාස ගොඩනැගිල්ලක කසළ බැහැර කරන ස්ථානයේ දමා ගිය බවට සැකපිට Kanagawa ප්‍රාන්තයේ Kawasaki හි පොලිසිය විසින් Nakahara Ward හි පිහිටි එම ගොඩනැගිල්ලේම පදිංචිව සිටි 23 හැවිරිදි තායි කාන්තාවක් අඟහරුවාදා දින අත්අඩංගුවට ගෙන තිබේ .
රාත්‍රී 7.45 ට පමණ ඇය බිළිඳා ප්‍රසූත කළ බවත් පසුව අප්‍රේල් 19 වෙනිදා දරුවා කුණු කසල බැහැර කරන ස්ථානයට ගෙන ගිය බවත් ඇය චෝදනාව පිළිගනිමින් පැවැසූ බව පොලිසිය ප්‍රකාශ කළේය. මහල් නිවාස කළමනාකරණ ආයතනයේ සේවකයකු විසින් පසුදින දහවල් 12.50 ට පමණ බිළිඳාගේ සිරුර සොයා ගන්නා ලදී.
බිළිඳාගේ මරණයට හේතුව හෝ දරුවාගේ පියා කවුරුන්ද යන්න පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැති අතර කාන්තාව කසළ බැහැර කරන ස්ථානයට බෑගයක් රැගෙන යන අයුරු ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන්ව තිබූ බව පොලිසිය සඳහන් කළේය.