අනෙකුත් රටවල් සමඟ Seoul හි රාජ්‍යතාන්ත්‍රික කටයුතු විවිධාංගීකරණය කිරීමේ නව පරිපාලන සැලැස්ම අවධාරණය කළ දකුණු කොරියාවේ නව විදේශ අමාත්‍ය Park Jin , ජපානය සමඟ අනාගතය ඉලක්ක කරගත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීම වෙනුවෙන් බ්‍රහස්පතින්දා ප්‍රතිඥා ලබා දුන්නේය.
" Seoul සහ Tokyo අතර ඉතිහාසයේ ගැටළු සඳහා දෙපාර්ශවයටම පිළිගත හැකි විසඳුම් සෙවීමට තමන් ප්රමුඛ රජය බලාපොරොත්තු වන බව" අලුතින් තේරී පත්වූ ජනාධිපති Yoon Suk Yoel යටතේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා බවට දිවුරුම් දුන් Park පැවැසීය .
උතුරු කොරියානු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මෙන්ම Pyongyang හි අඛණ්ඩ මිසයිල අත්හදා බැලීම් වලින් එල්ල වන තර්ජන පිළිබඳව Park සිය කනස්සල්ල පළ කළ අතර "ජපානය සමඟ, මම ඉතිහාසයට මුහුණ දෙමින් අනාගතය ඉලක්ක කරගත් හවුල්කාරිත්වයක් ගොඩනඟා ගන්නෙමි.බලාපොරොත්තු, ප්‍රශ්න තිබියදීත් දෙරටේම ජනතාවට පිළිගත හැකි විසඳුම් සෙවීමට මම බලාපොරොත්තු වෙමි" යනුවෙන් තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේය.