ජපාන අග්රාමාත්ය Kishida Fumio සහ ඇමරිකානු ජනාධිපති Joe Biden අතර ද්විපාර්ෂික සාකච්ඡා online video තාක්ෂණවේදය ඔස්සේ ඊයේ පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී දෙරටේම රාජ්ය නායකයින් සිය අවධානය වඩාත්ම යොමු කර තිබුණේ ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ජපාන සහ ඇමරිකානු ආර්ථික ක්රමවේදය අභියෝගයට ලක් විය හැකි තැන් සහ උතුරු කොරියානු ක්රියාකාරකම් සහ අනෙකුත් ආරක්ෂක විධිවිධාන සම්බන්ධවයි. ඇමරිකානු ජනාධිපතිවරයා සහ ජපන් අග්රාමාත්යවරයා දෙරටේ එක්වීම මගින් වඩා ඵලදායි ආර්ථික ස්ථාවරත්වයක් ලගා කර ගැනීම සම්බන්ධව වඩා හොඳ තීන්දු තීරණ ගත හැකි බව දේශපාලන විචාරකයින් පවසයි.