සිසුවියන් ඇදුම් මාරුකරන අයුරු කැමරා කළ පාසල් ගුරුවරයා


සිසුවියන් ඇඳුම් මාරු කිරීම් වීඩියෝ ගතකල ගුරුවරයා සේවයෙන් පහ කරයි

.

ප්‍රසිද්ධ කනිෂ්ඨ උසස් පාසලක ශිෂ්‍යාවන් ඇඳුම් මාරු කරමින් සිටියදී රහසිගතව වීඩියෝ ගත කළ බවට සැකපිට 38 හැවිරිදි  ගුරුවරයෙකු මැයි 12 වන දින විනයානුකූලව සේවයෙන් පහ කළ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් අධ්‍යාපන මණ්ඩලය නිවේදනය කළේය .

 

ඔහුට එරෙහි චෝදනා පිළිගනිමින් "මගේ කාම ආශාව ඉෂ්ට කරගන්නයි මම උත්සාහ කළේ " යනුවෙන් ඔහු අධ්‍යාපන නිලධාරීන්ට පවසා ඇත . 

 

2021 සැප්තැම්බර් මස ටෝකියෝ නුවර දුම්රිය ස්ථානයකදී කාන්තාවකගේ උඩු සාය ඡායාරූපයක් ගත් බවට ඔහුට එරෙහිව පොලිසියට පැමිණිලි ලැබීමෙන් පසුව සිදු කළ පරීක්ෂණ වලදී ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ තිබී මෙම පාසලේ වීඩියෝ පටය හසුවී තිබේ .

178 Views

Comments