ජපානයේ අගනුවර තුළ මැයි 14 වන සෙනසුරාදා දින COVID-19 වෛරසය ආසාදිත රෝගීන් 3799 ක් වාර්තා වූ අතර වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.
නව අසාදිතයන්ගෙන් 964 දෙනෙකුට පමනක් කිසිඳු එන්නතක් ලබා දී නොතිබූ අතර තවත් රෝගීන් 858 දෙනෙකුගේ එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ. ඉතිරි රෝගීන් සියලු දෙනා එක් එන්නතක් හෝ ලබා සිටියදී ආසාදිතයින් බවට පත්වූවන් වේ.
අද දින තහවුරු කරන ලද COVID-19 මරණ 10 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4393 ක් දක්වා ඉහළ ගොස් තිබේ.