ගිනිගෙන විනාශ වූ බෞද්ධ විහාරය


Saifukuji විහාරය ගිනිගෙන විනාශයට පත්වෙයි

.

මැයි 15 වන දින Osaka ප්‍රාන්තයේ Osakasayama නගරයේ පිහිටි Saifukuji බෞද්ධ විහාරයේ රාත්‍රී 10.25 ට පමණ ගින්නක් ඇති වී ඇති අතර එහි නටබුන් අතර තිබී ප්‍රධාන පූජකවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ යැයි විශ්වාස කෙරෙන මළ සිරුරු දෙකක් සොයා ගෙන තිබේ .

 

ප්‍රදේශවාසියෙකුගෙන් ලද ඇමතුමකට අනුව ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විටත් විහාරස්ථානයේ ප්‍රධාන ශාලාව සහ එම යුවළගේ නිවස ඇතුළුව වර්ග මීටර් 186 ක පමණ භූමි ප්‍රමාණයක් ගින්නෙන් දැවී ගොස් අළු බවට පත්ව තිබිණි . 

 

Osaka ප්‍රාන්ත පොලිසියේ Kuroyama පොලිස් ස්ථානයට අනුව මියගිය කාන්තාව සිය සැමියා සමඟ විහාරස්ථානයේ ජීවත් වූ 86 හැවිරිදි Myoryu Okuno බවට විශ්වාස කෙරේ.

134 Views

Comments