සිය මව මරාදමා පලාගිය පුත්‍රයා


තම මව ඝාතනය කර පලා යෑමට තැත් කළ පුත්‍රයෙකු අත්අඩංගුවට පත්ව තිබේ

.

Saitama ප්‍රාන්තයේ 49 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු වන Shigekuni Ogino විසින් සිය මව වන 79 හැවිරිදි Reiko නිවසේදීම  ඝාතනය කිරීම සම්බන්ධයෙන් Kasukabe පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .

 

අක්‍රමවත් ලෙස රිය පැදවීම නිසා පලමු වරට පොලීසිය විසින් අප්‍රේල් 23 දින රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රශ්න කිරීමේදී "සැක සහිත" ආකාරයෙන් හැසිරීම නිසා පොලීසිය ඔහු සමඟ ආපසු නිවසට යාමට තීරණය කොට ඇති අතර එහිදී මිය ගිය මවගේ සිරුර නිවස තුළ තිබියදී සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් විය .

 

ඇයගේ මුහුණේ තැලීම් කීපයක් ඇති බවත් ඇය ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බවත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇති අතර මව සහ තමා අතර කලක සිට ඇතිවූ ආරවුල් ප්‍රතිපලයක් ලෙස අප්‍රේල් 22 වන දින ඇයව ඝාතනය කළ බව ඔහු පොලීසියට පවසා තිබේ.

110 Views

Comments