Chuo Ward හි ගොඩනැගිලි දෙකක් අතර 70 cm තරම් වූ පටු ඉඩක තිබී සිකුරාදා උදෑසන හිස් කබල කුඩු කර ඝාතනය කොට දමා ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරමින් සිටින බව ඊයේ දින Osaka පොලිසිය පැවැසීය .
මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි Masataka Seiki නම් පුද්ගලයකු වන අතර ඔහු මැයි 8 වැනිදා පමණ ඝාතනයට ලක්ව ඇති බව මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබේ .
Tennoji Ward හි ජීවත් වූ Seki, Yakuza කණ්ඩායමක සාමාජිකයෙකු බවත්, ඔහුගේ ඝාතනය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් වශයෙන් සිදුවූවක් ලෙස විශ්වාස කරන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් පොලිසිය පැවැසීය .