න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ එක්සත් ජාතීන්ගේ ගිවිසුම සම්බන්ධයෙන් ජපානය ස්ථාවරයක ..


එක්සත් ජාතීන්ගේ න්යෂ්ටික අවි භාවිතය සහ අත්හදා බැලීම තහනම් කිරීමේ ගිවිසුම

.

එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික අවි භාවිතය සහ අත්හදා බැලීම තහනම් කිරීමේ  අන්තර්ජාතික ගිවිසුම සඳහා රටවල් අත්සන් කිරීම සඳහා උනන්දු කරවීමට ජපානය උත්සාහ කරමින් සිටියි.

ලෝක ඉතිහාසය තුල න්‍යෂ්ටික අවි ප්‍රහාරයකට ලක්වූ එකම රාජ්‍ය ලෙසට ජපානයට අවශ්‍ය වී ඇත්තේ සියලුම ලෝක රාජ්‍යයන් මෙකී භයානක අවි තහනම් කිරීම වෙනුවෙන් පෙනී සිටීමට දායක කර ගැනීම බවයි අන්තර්ජාතික පරීක්ෂකයන් පවසා ඇත්තේ.

මේ අනුව එක්සත් ජාතීන් විසින්  මෙම ගිවිසුම සම්බන්ධ සමුළුව නිරීක්ෂණය කිරීම සඳහා ජපානයට දිගින් දිගටම ඇරයුම් කරන බව පැවසේ. මේ සඳහා ජපානයේ දායකත්වය සහ මැදිහත්වීම අත්‍යවශ්‍ය සාධකයක් බව ඔවුන්ගේ මතයයි.

271 Views

Comments