අධ්‍යාපනික ක්‍රියාකාරකමක් අතරතුරදී මියගිය සිසුවා


Aichi ප්‍රාන්තයේ අධ්‍යාපන ක්‍රියාකාරකමක් අතරතුර දරුවෙකු මිය යයි

.

Aichi ප්‍රාන්තයේ Mikawa ප්‍රදේශයේ ප්‍රාන්ත ඉංජිනේරු උසස් පාසලක පැවැති ලී වැඩ පන්තියක් අතරතුරදී දෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ කකුල අහම්බෙන් උදැල්ලකට කැපී ඇති අතර අධික රුධිර වහනය හේතුවෙන් ඔහු මැයි 12 වන දින මිය ගිය බවට තහවුරු කරමින් ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය මැයි 16 දින නිවේදනයක් නිකුත් කළේය .

 

මැයි 6 වැනි දින පන්තියේදී ලෝහ කැබැල්ලක් භාවිතයෙන් මිටියක් සවි කරමින් සිටියදී අහම්බෙන් උදලු තලයේ තුඩෙන් ඔහුගේ ඉඟටිය වම් පැත්ත කැපී ගොස් තිබේ . එයින් බාහිර Iliac ධමනියට හානි වූ අතර අධික රුධිර වහනය හේතුවෙන් සිසුවා හෘදයාබාධයකට ලක් විය. එනිසා ඔහු හදිසි ශල්‍යකර්මයකට භාජනය කොට ඇති නමුත් ඔහුගේ තත්ත්වය නරක අතට හැරී මරණයට පත්ව තිබේ .

 

" අධ්‍යාපනික ක්‍රියාකාරකමක් අතරතුරදී සිසුවෙකු මිය යාම කණගාටුවට කරුණක්" යනුවෙන් පවසමින් අධ්‍යාපන මණ්ඩලයේ ඉගෙනුම් හා අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රධානී Haruhisa Kuriki  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමාව අයැද සිටියේය. එවැනි අනතුරු වැඩමුළු සැසිවාර වලදී නැවත ඇතිවීම වැලැක්වීම සඳහා කමිටුවක් පිහිටුවීමට සහ අනතුරු වැළැක්වීමට පියවර ගැනීමට මණ්ඩලය අදහස් පළ කළේය

111 Views

Comments