ගැඹුරු දිය කිමිදුම්කරුවන්ගේ Hokkaido මෙහෙයුම


Kazu1 නෞකාවේ වතගොත සෙවීමට කිමිදුම්කරුවන් යොදා ගනී

.

පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු අතුරුදන් කරමින් පසුගිය මාසයේ Shiretoko අර්ධද්වීපයට ඔබ්බෙන් වූ මුහුදේදී ගිලී ගිය Kazu l සංචාරක බෝට්ටුවේ සෝදිසි මෙහෙයුම් කටයුතු සඳහා විශාල ගැඹුරක වැඩ කිරීමට පුහුණු කරන ලද කිමිදුම්කරුවන් රැගත් යාත්‍රාවක් අඟහරුවාදා දින නැගෙනහිර Hokkaido හි පිහිටි වරායකට ළඟා වී තිබේ .

 

කිමිදුම්කරුවන් රැගත් යාත්‍රාව බදාදා පස්වරුවේ Abashiri වරායෙන් පිටත් වීමට නියමිතව ඇති අතර, ඔවුන් මතුපිට සිට මීටර් 120 ක් පමණ පහළින් පිහිටා ඇති 19-ton Kazu I වෙතට බ්‍රහස්පතින්දා වන විට ගොස් එහි ඇතුළත ඉතිරිව සිටින ඕනෑම අයෙකු සෙවීම ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

කිමිදුම්කරුවන් සන්තෘප්ත කිමිදීම ලෙස හැඳින්වෙන විශේෂ ක්‍රමවේදයක් මෙහිදී යොදාගනු ලබන අතර එහිදී ඔක්සිජන් සහ හීලියම් මිශ්‍රණයක් අවශෝෂණය කර එමඟින් ගැඹුරු ජල පීඩන මට්ටමට තම සිරුරේ පීඩනය සකස් කර ගනු ලබයි.

83 Views

Comments