මැයි 16 වන දින Osaka ප්රාන්තයේ Izumi හි නිවාස සංකීර්ණයක 11 වන මහලේ සිට පහළට කොන්ක්රීට් කුට්ටියක් විසි කළ පිරිමි ළමයින් දෙදෙනෙකුට පොලිසිය විසින් අවවාද කොට නිදහස් කර තිබේ .
පස්වරු 3.45 ට පමණ මෙම කොන්ක්රීට් කුට්ටිය ගොඩනැඟිල්ලේ භූමියේ ඇවිදිමින් සිටි ප්රාථමික පාසල් සිසුවියන් පිරිසක් අසලට වැටී ඇති අතර සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බව පැවැසේ.
13 හැවිරිදි කනිෂ්ඨ උසස් පාසල් සිසුවෙකු සහ 7 හැවිරිදි ප්රාථමික පාසල් සිසුවෙකු වූ ඔවුන් දෙදෙනා දිග 27 Cm , පළල 10 Cm සහ ඝනකම 9 Cm වූ මෙම කොන්ක්රීට් කුට්ටිය විදුලි සෝපානය භාවිතයෙන් ඉහළ මහලට ගෙනැවිත් පිටත පඩිපෙළෙන් පහළට දමා ඇති බව ආරක්ෂිත කැමරා දර්ශන මගින් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය .