අක්මාව පුපුරා යාමෙන් මියගිය බිලිඳා


අක්මාව පුපුරා යාමෙන් මාස 7ක් වයසැති බිළිඳකු මරුමුවට පත්වේ

.

මාස හතක් වයසැති Arata Inoue නම් කුඩා පිරිමි බිළිදෙකු අක්මාව පුපුරා යාම නිසා  ඔහුගේ මවගේ මහල් නිවාසයේදී සෙනසුරාදා දින මිය ගොස් ඇති බව Fukuoka ප්‍රාන්තයේ Onojo හි පොලිසිය සඳුදා වාර්තා කළේය. 

 

පපුවේ සම්පීඩනය සහ සමට යටින් අභ්‍යන්තර ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් අක්මාව පුපුරා ගොස් ඇති බවත්, පස්වරු 1 ට පමණ දරුවා මිය ගොස් ඇති බවත් ඉරිදා දින පැවැති ඉරිදා පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබේ .

 

Arata ගේ උපතට පෙර සිටම ඔහුගේ මව "අතිරේක සහායක් අවශ්‍ය අනාගත මවක්" ලෙස ලියාපදිංචි කර සිටි බැවින් , ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් සැකපිට Arata ගේ මවගෙන් ප්‍රශ්න කරන බව පොලිසිය පැවැසීය .

173 Views

Comments