පියාගේ හිසට මිටියකින්  පහරදී ඝාතනය කල දරුවා


පියාගේ හිසට පහරදී මරු මුවට පත් කළ දරුවා අත්අඩංගුවට ගනී

.

නිවසේ තනිවම ජීවත් වූ 78 හැවිරිදි Ryoichiro නම් තම පියාගේ හිසට මිටියකින් පහරදී මරණයට පත්කිරීම සම්බන්ධයෙන් 50 හැවිරිදි රැකියා විරහිත Hiroyasu Wada නම් පුද්ගලයෙකු Kyoto හි පොලිසිය විසින් සඳුදා දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 

 

සවස 5 ට පමණ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ කේන්තිය පාලනය කරගැනීමට නොහැකි වීම නිසා ඔහු එලෙස පහර දුන් බව පොලිසියට පවසා තිබේ. 

 

Wada සහ ඔහුගේ පියා තනිව ජීවත්ව ඇති අතර රාත්‍රී 9 ට පමණ Wada 119 ට කතා කර තමා පියාට මිටියකින් පහර දුන් බව පවසා තිබේ. පොලිස්‌ නිලධාරීන් විසින් අතර පහරකෑමට ලක්වූ පියා ඒ මොහොතේම රෝහල් ගත කොට ඇති නමුත් පසුව ඔහු මියගොස් තිබේ.

111 Views

Comments