කුඩා දැරිවියකට ලිංගික අතවර කළ සේවකයා


කුඩා දැරියකට ලිංගික අතවර කිරීමට සැරසුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී

.

Kobe ප්‍රාන්තයේ Chuo Ward හි නව හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට සැකපිට දැරිය පාසල් වේලාවෙන් පසු රඳවා තබන දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ 29 හැවිරිදි සේවකයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව Kobe පොලිසිය අඟහරුවාදා ප්‍රකාශ කළේය.

 

පොලිසියට අනුව මැයි 14 වන දින පස්වරු 4.00 ත‍් 4.40 ත‍් අතර කාලයේදී මෙය සිදුවී ඇති අතර අත්අඩංගුවට පත් Eiji Toyota නමැති සේවකයා දැරියගේ යටි සිරුරට ළං වූ බවට පිළිගෙන ඇති බව පොලිසිය පැවැසීය .

 

තම දියණිය රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී ඇය තම මවට දන්වා සිටි බැවින් මව පොලිසියට සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබේ .

127 Views

Comments