පැවැත්වීමට නියමිත එක්සත් ජනපද - ජපාන නායකයින්ගේ හමුව


එක්සත් ජනපද හා ජපාන නායකයන්ගේ හමුව එළඹෙන සතියේදී සිදු වීමට නියමිතයි

.

එළැඹෙන සතියේ ටෝකියෝ අගනුවරදී පැවැත්වෙන ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida සහ එක්සත් ජනපද ජනාධිපති Joe Biden ගේ හමුවේදී ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් "තායිවාන සමුද්‍ර සන්ධියේ ස්ථාවරත්වය සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම" තහවුරු කිරීමට නියමිත බව ජපාන රජයේ ආරංචි මාර්ග පැවැසීය .

 

පසුගිය වසරේ ජනවාරි මාසයේ බලයට පත්වීමෙන් පසු Biden ගේ පළමු ආසියානු සංචාරය ලෙස සැලකෙන මෙම ජපන් සංචාරයේදී තවමත් බොහෝ දුරට ව්‍යවස්ථානුකූලව නොපැහැදිලි රාමුවක් දියත් කිරීම ප්‍රකාශයට පත් කිරීමට සුදානම් බව එක්සත් ජනපද වාණිජ ලේකම් Gina Raimondo අඟහරුවාදා පැවැති මාධ්‍ය හමුවකදී තහවුරු කළාය .

 

ජපානයෙන් තායිවානය පිළිබඳ පණිවිඩය යැවීමේ අරමුණ ලෙස කලාපය තුළ චීනයේ වැඩෙන ස්ථීරභාවය මැඩපැවැත්වීම දක්වා තිබේ.

128 Views

Comments