පෙර පාසල් දරුවන් වෙනුවෙන් වූ මුඛ  ආවරණ නීතිය සමාලෝචනය කෙරේ.


පෙර පාසල් දරුවන් මුඛ ආවරණ පැළඳීම තව දුරටත් සලකා බැලේ

.

Corona වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය පැතිරීමට ප්‍රතිචාර වශයෙන් මුලින් ක්‍රියාත්මක කරන ලද පෙර පාසල් දරුවන් සඳහා වන මුව ආවරණ නීතිය නැවත සමාලෝචනය කිරීමට ජපාන රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ .

 

දිගුකාලීන වසංගතය අතරතුර දරුවන්ගේ වර්ධනයට මුඛ  ආවරණ පැළඳීමේ බලපෑම පිළිබඳව විශේෂඥයින් කනස්සල්ල පළ කිරීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අවසන් තීරණය අගමැති ෆුමියෝ කිෂිඩා විසින් ගැනීමට නියමිතය. 

 

ප්‍රාථමික පාසල් සිසුන් සහ අනෙකුත් වැඩිහිටි දරුවන් සම්බන්ධයෙන් ගත් කල, omicron ව්‍යාප්තිය අඛණ්ඩව පවතින බැවින්, ආසාදන අවදානම ඉහළ මට්ටමක පවතින මෙවැනි අවස්ථාවකදී මුව ආවරණ පැළඳීම දිගටම නිර්දේශ කිරීමට රජය සැලසුම් කරයි.

Comments