කෘමි ජාන සංස්කරණය සඳහා නිර්මාණය කළ නවතම ක්‍රමවේදය


කෘමීන් පිළිබඳව සිදුකළ නවතම පරීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වේ

.

Kyoto විශ්ව විද්‍යාලයේ සහ පරිණාමීය ජීව විද්‍යා ආයතනයේ විද්‍යාඥයන් විසින් සිදුකළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස බොහෝ කෘමීන් සඳහා භාවිතා කළ හැකි සරල, ලාභදායී ජානමය සංස්කරණ ක්‍රමයක් නිපදවා තිබේ. 

 

"කනිෂ්ඨ උසස් පාසල් ජීව විද්‍යා සමාජයක සාමාජිකයින්ට පවා එය භාවිතා කළ හැකි තරමටම සරල බැවින් නව ක්‍රමය තුළින් අවදානම් තත්වයන් ඇති විය හැකි බව" පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු සහ Kyoto විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන Takaaki Daimon පැවැසීය . 

 

අපයෝජනයට ලක්වීමේ සහ ජානමය වශයෙන් වෙනස් වූ කෘමීන් වනයට මුදා හැරීමේ අවදානමක්‌ මෙම ක්‍රමය මගින් නිර්මාණය වී ඇති බැවින් ජානමය සංස්කරණයන් වෙනුවෙන් පනවා ඇති නීති අනුගමනය කරමින්  අත්හදා බැලීම් සිදු කරන ලෙස මහාචාර්යවරයා   විද්‍යාඥයන්ගෙන් ඉල්ලා සිටියේය .

111 Views

Comments