විශ්වවිද්‍යාලය විසින් ගෙවිය යුතු බවට අණකළ දඩ මුදල


විශ්ව විද්‍යාල මගින් කාන්තාවන්ට පිරිමින්ට සාපේක්ෂව අසාධාරණයක් සිදුවන බවට චෝදනා ලැබේ

.

විශ්වවිද්‍යාලය පරිපාලනය අවාසි සහගත ලෙස කාන්තාවන් පිළිගැනීමේ නිර්ණායක සකස් කිරීම හේතුවෙන් යොමුවූ පැමිණිල්ලකට අනුව ටෝකියෝ දිස්ත්‍රික් අධිකරණය විසින් වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් අසමත් වූ කාන්තාවන් 13 දෙනෙකුට යෙන් මිලියන 8.05 මුදලක් ගෙවන ලෙස Juntendo විශ්වවිද්‍යාලයට නියෝග කොට තිබේ .

 

එම කාන්තාවන් 13 දෙනා ප්‍රාන්ත පහක ජීවත් වන  වයස අවුරුදු 20-30 අතර පරාසයේ වූ වෙනත් විශ්ව විද්‍යාලවල වෛද්‍යවරුන් සහ හිටපු වෛද්‍ය සිසුන් බව පැවැසේ . ඔවුන්ගේ ලිඛිත පැමිණිල්ලට සහ වෙනත් මූලාශ්‍රවලට අනුව, ඔවුන් වන්දි සහ අනෙකුත් ගෙවීම් වශයෙන් දළ වශයෙන් යෙන් මිලියන 54.7ක වන්දි මුදලක් ඉල්ලා ඇත. 

 

විශ්ව විද්‍යාලය පිරිමින්ට සහ කාන්තාවන්ට විවිධ පිළිගැනීමේ නිර්ණායක සැකසීමට හේතුව සියලුම පළමු වසරේ වෛද්‍ය සිසුන් නේවාසිකාගාරවල ජීවත් වීමට අවශ්‍ය වීම සහ කාන්තා නේවාසිකාගාරයේ ධාරිතාවට සීමාවක් තිබීම බව විශ්ව විද්‍යාලය සදහන් කළ අතර වෙනස් කොට සැලකීමේ චේතනාවක් එහි නොවූ බව පවසමින් හිමිකම් ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ .

Comments